Monday 30 March 2009

කාර්යාලයට යන කාන්තාවන්ට

කාර්යාලයීය කාන්තාවන්ට ඇදුම් පැළදුම් තෝරා ගැනීමේ දී විශේෂ අවධානය යොමු කළ යුතු කරැණු කීපයක් ඇත. බෝහෝවිට කාර්යාලයට තෝරා ගන්නා ඇදුම සරියක් ඔසරියක් කෝට් කිට් එකක් හෝ සාය හැට්ටයක් විය යුතුය.එහෙත් අද බෝහෝ පෞද්ගලික අංශයේ කාර්යාලවල තරුණියන්ගේ නිල ඇදුම් වී තිබෙන්නේ කෝට් කිට් විලාසිතාවයි.මෙම කෝට් එක හා දිග කලිසම වශයෙන් හෝ කොට සාය හා කෝට් එක වශයෙන් කොටස් දෙකකට තෝරා ගනී. එහෙත් කෝට් එකට වැඩි වශයෙන් තවමත් අදින්නේ දිග කලිසමයි.

කෝට් කිට් එකට හොදම පාට
කෝට් කිට් එක බෝහෝ විට තනි පාට විය යුතුය.එයට අදින බලවුසය වෙනස් විය හැකිය. ඉරි පාට හෝ තනි පාටක් තෝරාගත හැකිය.එහෙත් බෝහෝ විට එය තනි පාට වේ.ඒ හැර යටට ස්කිනයක් ඇදිය හැකි වුවද වැඩි වශයෙන් තෝරාගත යුත්තේ කමිසයකුයි.

වර්ණ ගැලපීම
කෝට් කිට් එකට යටට අදින බලවුසය ගළපන්නේ මෙසේය.කළු පාට කෝට් කිට් එකක් නම් ,යටට අදින බලවුසයට සුදු හෝ බේජ් වැනි පාටවල් තෝරා ගැනීම අද විලාසිතාවෙන් බැහැරව ගොසිනි.අද බොහෝ විට තෝරා ගන්නේ ලා කොළ ,ලා රෝස,ලා තැඹිලි වැනි පාටවල්ය.ඒවාට ගැලපෙන ලෙසම පාවහන් හා අත් බෑගය තෝරා ගත යුතුය.

කෝට් එකට සාය අදිනවා නම්
කෝට් එකට සාය අදිනවා නම් එය කෝට් එකේ පාට විය යුතුය.එය කොට හෝ ත්‍රී ක්වාටර් ප්‍රමාණයේ සායක් විය හැකිය.හිර නොවන හැඩ සායද කෝට් එකට ගැලපේ.
අත් නැති බ්ලවුස් කාර්යාලයට හොද නැහැ.
කෝට් එක නොදමා සාය හැට්ටය රැකියාවට ඇදීමට ද හැකිය.එසේ අදින විට එය කාර්යාලයට ගැළපෙනවාද යන්න පිළිබද සැලකිල්ලක් දැක්විය යුතුය.කාර්යයලායට අදින බ්ලවුසයඅත් දිග හෝ වැලමිටට වඩා තරමක් දිගට වඩාත් ගැළපේ.අත් රහිත ඒවා නොගැලපේ.

බ්ලව්ස් මෝස්තර
අද තිබෙන්නේ වැඩ දැමු සාය හැට්ටයි. නැත්තම් චාම් මල් ,තිත්,ඉරි ඒවායි.කාර්යාලයට වැඩ දැමු බ්ලවුසයක් තෝරා ගන්නේ නම් එය දිලිසෙන සේ වැඩ දැමු එකක් නොවිය යුතුය.වඩා දිලිසෙන බ්ලවුස් සැදෑ ගමනකට හෝ සාදයකට සුදුසුය.

අත් බෑග් පාවහන් ගැනීම
සුදු, රෝස,නිල් වැනි ඇදුමට ගැලපෙන පාවහන් තෝරාගත යුතුය.ඇදුමට ගැලපුනත් රතු වැනි තද පාට තෝරා ගැනීම නුසුදුසුය.මේ සදහා කළු පාට ,දුඹුරු,අළු,බේජ් වැනි පාට වඩාත් ගැලපේ .

ආභරණ
කාර්යාලයීය රුකියාවට ලොකු ආභරණ තෝරා නොගත යුතුය. ලොකු කරාඹු ලොකු පසිදු ගල් මාල නොගැලපේ.මාලය දිග වුවද කුඩා ගල් හෝ පබළු වඩාත් ගැලපේ.

Wednesday 11 February 2009

සාමාන්‍ය ගමනකට සුදුසු බ්ලවුසයක්


මෙම බ්ලවුස් විලාසිතාව ඇත්තෙන්ම වඩාත්ම සුදුසු වන්නේ සාමාන්‍යය ගමනකය. එසේම උත්සව අවස්ථාවලට මෙන්ම ඔබ සේවය කරන කාර්යාලයට ද ඔබට ලෙහෙසියෙන්ම භාවිතා කළ හැකි විලාසිතාවකි. මෙවන් ආකාරයේ විලාසිතාවන්ට තරුණියන් විශේෂ කැමැත්තක් දක්වයි. එයට හේතුව මෙය ඕනෑම අවස්ථාවකට සුදුසු නිසාය. සිල්ක් වර්ගයට අයත් බ්ලව්සයක් ලෙස මෙය දැක්විය හැක.

මෙම බ්ලවුසය සිහින් තරුණියකට වඩාත්ම අලංකාරය .ශරීරයේ හැඩය අනුව මෙහි අලංකාරත්වය වෙනස් වෙයි. මෙහි වී හැඩයට කර මසා ඇත. එලෙසම බ්ලව්සයේ අවසාන කොටසේ නැතහොත් යට කොටසද කර මසා ඇති හැඩයටම මසා ඇත එය මෙම බ්ලව්සයට අලංකාරවත් බවක් ලබා දී ඇත. එලෙසම කර සහ ඉන වටා ස්විකින්ස් වලින් වැඩ දමා ඇත. එය බ්ලව්සයේ අලංකාරත්වය වැඩි කීරිමට හේතු වී ඇත. එලෙසම අත ක්‍රමයෙන් පහළට එන විට විශාල වී ඇත . එයින් බ්ලව්සයේ ලස්සන වැඩි වි ඇති බව කිව යුතුය. මෙය ඉතාමත් පහසු ඇදුමකි.මෙම බ්ලවුසයත් සමග වඩාත්ම ගැලපෙන ඇදුම වන්නේ ඩෙනිම් කලිසමටය. ඊට අමතරව ශරිරයට තද වනසේ මැසු කළු සායකට ද සුදුසුය.එය ඔබට කැමති ආකාරයකට ගලපාගත හැකිය.ඔබට මෙම බ්ලවුසය මසා ගැනීමට ඕනෑම පාටක රෙදි භාවිතා කළ හැක.

Tuesday 6 January 2009

සල්වාර් විලාසිතා

උත්සව අවස්ථාවන්ට ගැලපෙන විලාසිතා,සාරි විලාසිතා,මෙමන්ම කාන්තාවන් අතර වැඩි ප්‍රසිද්ධියක් කැමැත්තක් දිනා ගැනීමට සල්වාර් විලාසිතාව ද සමත් වී ඇත.සල්වාර් ඉන්දියානු විලාසිතාවක් වන අතර දැනට ලංකාව තුල සීග්‍රයෙන් කාන්තාවන් අතර ප්‍රසිද්ධියට පත් වී ඇත.ඕනෑම විශේෂ අවස්ථාවන්හිදී සල්වාර් විලාසිතාවක් හැටියට භාවිතා කල හැක.එලෙසම මෙම විලාසිතාව භාවිතා කල හැකි අවස්ථා කිහිපයක්ම ඇත. උත්සව අවස්ථාවන්ට ගැලපෙන සල්වාර් විලාසිතා ,විවාහ උත්සව
අවස්ථාවන්ට ගැලපෙන සල්වාර් විලාසිතා,මෙමවැනි සල්වාර් විලාසිතා ගණනාවක් දක්නට
ලැබේ.එලෙසම
Party wear salwar
Weding salwar
Embroidered slawar
Printed salwar
Contemporary salwar
Cotton salwar
Desingner salwar
Indian salwar
ලෙසද කොටස් වශයෙන් දැක්විය හැක.


1.විවාහ උත්සව අවස්ථාවන්ට සුදුසු සල්වාර් විලාසිතා

















Wednesday 17 December 2008

අපේ රටේ කාන්තාවන්ට සාරි විලාසිතා















ශ්‍රී ලංකාවේ තරුණ මහලු සැමගේම ප්‍රියතම විලාසිතාවක් වු සාරි පිළිබද මෙවර ඔබ වෙත විලාසිතා ඉදිරිපත් කරන්නයි මාගේ සුදානම.

මෙහි දැක්වෙන්නේ මේ දින වල ඉන්දියාවේ තරුණියන් අතර මහත් ජනප්‍රිය සාරි විලාසිතා කිහිපයකි. මේවා ඔබටත් ගැලපෙනවා දැයි බලන්න.