Monday 30 March 2009

කාර්යාලයට යන කාන්තාවන්ට

කාර්යාලයීය කාන්තාවන්ට ඇදුම් පැළදුම් තෝරා ගැනීමේ දී විශේෂ අවධානය යොමු කළ යුතු කරැණු කීපයක් ඇත. බෝහෝවිට කාර්යාලයට තෝරා ගන්නා ඇදුම සරියක් ඔසරියක් කෝට් කිට් එකක් හෝ සාය හැට්ටයක් විය යුතුය.එහෙත් අද බෝහෝ පෞද්ගලික අංශයේ කාර්යාලවල තරුණියන්ගේ නිල ඇදුම් වී තිබෙන්නේ කෝට් කිට් විලාසිතාවයි.මෙම කෝට් එක හා දිග කලිසම වශයෙන් හෝ කොට සාය හා කෝට් එක වශයෙන් කොටස් දෙකකට තෝරා ගනී. එහෙත් කෝට් එකට වැඩි වශයෙන් තවමත් අදින්නේ දිග කලිසමයි.

කෝට් කිට් එකට හොදම පාට
කෝට් කිට් එක බෝහෝ විට තනි පාට විය යුතුය.එයට අදින බලවුසය වෙනස් විය හැකිය. ඉරි පාට හෝ තනි පාටක් තෝරාගත හැකිය.එහෙත් බෝහෝ විට එය තනි පාට වේ.ඒ හැර යටට ස්කිනයක් ඇදිය හැකි වුවද වැඩි වශයෙන් තෝරාගත යුත්තේ කමිසයකුයි.

වර්ණ ගැලපීම
කෝට් කිට් එකට යටට අදින බලවුසය ගළපන්නේ මෙසේය.කළු පාට කෝට් කිට් එකක් නම් ,යටට අදින බලවුසයට සුදු හෝ බේජ් වැනි පාටවල් තෝරා ගැනීම අද විලාසිතාවෙන් බැහැරව ගොසිනි.අද බොහෝ විට තෝරා ගන්නේ ලා කොළ ,ලා රෝස,ලා තැඹිලි වැනි පාටවල්ය.ඒවාට ගැලපෙන ලෙසම පාවහන් හා අත් බෑගය තෝරා ගත යුතුය.

කෝට් එකට සාය අදිනවා නම්
කෝට් එකට සාය අදිනවා නම් එය කෝට් එකේ පාට විය යුතුය.එය කොට හෝ ත්‍රී ක්වාටර් ප්‍රමාණයේ සායක් විය හැකිය.හිර නොවන හැඩ සායද කෝට් එකට ගැලපේ.
අත් නැති බ්ලවුස් කාර්යාලයට හොද නැහැ.
කෝට් එක නොදමා සාය හැට්ටය රැකියාවට ඇදීමට ද හැකිය.එසේ අදින විට එය කාර්යාලයට ගැළපෙනවාද යන්න පිළිබද සැලකිල්ලක් දැක්විය යුතුය.කාර්යයලායට අදින බ්ලවුසයඅත් දිග හෝ වැලමිටට වඩා තරමක් දිගට වඩාත් ගැළපේ.අත් රහිත ඒවා නොගැලපේ.

බ්ලව්ස් මෝස්තර
අද තිබෙන්නේ වැඩ දැමු සාය හැට්ටයි. නැත්තම් චාම් මල් ,තිත්,ඉරි ඒවායි.කාර්යාලයට වැඩ දැමු බ්ලවුසයක් තෝරා ගන්නේ නම් එය දිලිසෙන සේ වැඩ දැමු එකක් නොවිය යුතුය.වඩා දිලිසෙන බ්ලවුස් සැදෑ ගමනකට හෝ සාදයකට සුදුසුය.

අත් බෑග් පාවහන් ගැනීම
සුදු, රෝස,නිල් වැනි ඇදුමට ගැලපෙන පාවහන් තෝරාගත යුතුය.ඇදුමට ගැලපුනත් රතු වැනි තද පාට තෝරා ගැනීම නුසුදුසුය.මේ සදහා කළු පාට ,දුඹුරු,අළු,බේජ් වැනි පාට වඩාත් ගැලපේ .

ආභරණ
කාර්යාලයීය රුකියාවට ලොකු ආභරණ තෝරා නොගත යුතුය. ලොකු කරාඹු ලොකු පසිදු ගල් මාල නොගැලපේ.මාලය දිග වුවද කුඩා ගල් හෝ පබළු වඩාත් ගැලපේ.