Wednesday 11 February 2009

සාමාන්‍ය ගමනකට සුදුසු බ්ලවුසයක්


මෙම බ්ලවුස් විලාසිතාව ඇත්තෙන්ම වඩාත්ම සුදුසු වන්නේ සාමාන්‍යය ගමනකය. එසේම උත්සව අවස්ථාවලට මෙන්ම ඔබ සේවය කරන කාර්යාලයට ද ඔබට ලෙහෙසියෙන්ම භාවිතා කළ හැකි විලාසිතාවකි. මෙවන් ආකාරයේ විලාසිතාවන්ට තරුණියන් විශේෂ කැමැත්තක් දක්වයි. එයට හේතුව මෙය ඕනෑම අවස්ථාවකට සුදුසු නිසාය. සිල්ක් වර්ගයට අයත් බ්ලව්සයක් ලෙස මෙය දැක්විය හැක.

මෙම බ්ලවුසය සිහින් තරුණියකට වඩාත්ම අලංකාරය .ශරීරයේ හැඩය අනුව මෙහි අලංකාරත්වය වෙනස් වෙයි. මෙහි වී හැඩයට කර මසා ඇත. එලෙසම බ්ලව්සයේ අවසාන කොටසේ නැතහොත් යට කොටසද කර මසා ඇති හැඩයටම මසා ඇත එය මෙම බ්ලව්සයට අලංකාරවත් බවක් ලබා දී ඇත. එලෙසම කර සහ ඉන වටා ස්විකින්ස් වලින් වැඩ දමා ඇත. එය බ්ලව්සයේ අලංකාරත්වය වැඩි කීරිමට හේතු වී ඇත. එලෙසම අත ක්‍රමයෙන් පහළට එන විට විශාල වී ඇත . එයින් බ්ලව්සයේ ලස්සන වැඩි වි ඇති බව කිව යුතුය. මෙය ඉතාමත් පහසු ඇදුමකි.මෙම බ්ලවුසයත් සමග වඩාත්ම ගැලපෙන ඇදුම වන්නේ ඩෙනිම් කලිසමටය. ඊට අමතරව ශරිරයට තද වනසේ මැසු කළු සායකට ද සුදුසුය.එය ඔබට කැමති ආකාරයකට ගලපාගත හැකිය.ඔබට මෙම බ්ලවුසය මසා ගැනීමට ඕනෑම පාටක රෙදි භාවිතා කළ හැක.