Monday, 15 December 2008

උත්සව අවස්ථා වලට සුදුසු විලාසිතා




දැනට ලෝකයේ විලාසිතා ක්ෂේත්‍රයේ උත්සව අවස්ථා වලට ගැලපෙන කාන්තා විලාසිතා කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා අදහස් කරමි. මේ සියල්ලම ඔබට ගැලපෙන්නේ නැති වුවත් මේවායින් කිහිපයක් හෝ ඔබට භාවිතා කිරීමට‍ හැකියාව ලැබෙනු ඇත. බටහිර රටවල දැනට පහත දැක්වෙන විලාසිතා මහත් ජනප්‍රිය තාවයක් දක්වයි.


























Wednesday, 3 December 2008

නවීන විලාසිතා




‍නවීන විලාසිතා අද කවුරුත් ප්‍රිය කරන මාතෘකාවකි. දිනෙන් දින විලාසිතා, වෙනස් වෙමින් මිනිසුන් අතරට පැමිණෙන අතර පැරණි විලාසිතා නව මුහුණුවරක් ගෙන නැවත සමාජය වෙත ‍පැමිණේ. ලෝකයේ පවතින නවීන විලාසිතා පිළිබද ඔබව දැනුවත් කිරීම මාගේ අරමුණයි. ඉදිරියේදී විලාසිතා සංදර්ශන හා විවිධ විලාසිතා පිළිබද ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට මා උත්සහ දරමි.

විලාසිතා පිළිබද ආසියානු රටවල ජනතාව සිතන ආකාරය හා බටහිර ජනතාව සිතන ආකාරය වෙනස් වුවත් ලෝකයේ සියල්ලෝම විලාසිතා වල‍ට ප්‍රිය කරති. ජාත්‍යන්තර වශයෙන් පවතින විලාසිතා එක එල්ලේම අප රටට නොගැලපුනත් ඒවායින් යම් ආභාෂයන් අපට ලබා ගත හැකිය. බොහෝ දෑ ඉගෙන ගත හැකිය.

ශ්‍රී ලංකාවේ විලාසිතා රැල්ල සදහා විශාල වශයෙන් බලපාන්නේ ඉන්දියානු විලාසිතා වෙනස්වීම්ය. විශේෂයෙන් ලංකේය රූපවාහිනි සේවා මගින් ජනතාව වෙත විවිධ විලාසිතා (හොද ‍හෝ නරක) හදුන්වා දෙයි. ඒවා කෙලින්ම හදුන්වා නොදි රූපවාහිනි ‍නිවේදක නිවේදිකාවන් හරහා ජනතාව වෙත යොමු කරයි. කුමන විලාසිතාව වුවත් එය තමාට ගැලපේ නම් පමණක් අනුගමනය කරන්නට අප බුද්ධිමත් විය යුතුය.